Pages

Subscribe:

Labels

Thursday, June 19, 2014

Nidukin inu mena- Dimanka Wellalage

නිදුකින් ඉනු මැන මට වඩා කල් 


ඔයා මාව අතෑරලා ගියාට කමක් නෑ... ඔයා මාව දාල ගියා කියල මම ඔයත් එක්ක තරහ වෙන්නෙත් නෑ. මොන දේ උනත් මම ජිවත් වෙලා ඉන්නකම් ඔයා සතුටින් ඉන්න ඕන. මගේ පනත් අරගෙන ඔයා ජිවත් වෙන්න ඕන. ආදරේ නිසා මම විඳින දුක මම විඳපු දුක කවදාවත් ඔයාට නම් විඳින්න ලැබෙන්න එපා. ඔයාට කවදාවත් ඒ දුක දරා ගන්න බැරි වෙයි. ඔයා කවදාවත් මට ඒ දුන්න දුක මේ සංසාරේ මොනම තැනකදීවත් තවත් කාටවත් දෙන්න එපා. දවසක ඔයා ආයෙත් මගේ ලඟට අවේ නැතත් ඔය මතක තියාගන්න; මම හැමදාමත් ඔයාට ආදරෙයි... ඉස්සර වගේම අදටත් ඉදිරියටත් මම ඔයාට ආදරෙයි.......

ඔයා කියන එක ඇත්ත. අපි රණ්ඩු උනා තමයි, හැබැයි ඒ මොහොතේම අපි යාලු උනා. ඒ වගේ රණ්ඩු කර කර යාලු වෙන්න ඔයා ඇරෙන්න මට වෙන කවුරුවත් හිටියේ නෑ. ඔයාගේ ඇස් මගෙන් ඈතට යනවා දකිනකොට මට දැනෙන තනිකම... ඔයා කවදාවත් එක තේරුම් ගන්න එකක් නැහැ. ඉස්සර වෙච්ච හැම දෙයක්ම අමතක කරලා මම අලුත්ම ජිවිතයයක් ගත කරන්න හැදුවට මට හැම තිස්සෙම මතක් වෙන්නේ ඒ ගෙවපු අතිතෙමයි. ඒ අතීතය මතක්වෙන හැම මොහොතකම මගේ ඇස් අග කඳුළු රැඳුනේ මටත් නොදැනීමයි.

මගේ ළඟටම වෙලා හිටපු ඔයා මගෙන් ඈත් වෙලා යනකොට මට දැනුන ඒ මහා දුක් ගොඩ මම දරා ගත්තේ කොහොමද කියල ඔයාට හිතාගන්නවත් බැහැ කියල මම දන්නවා. මම ඒ දුක පොඩි කාලයකට දරා ගත්තත් තවත් නම් ඒක මට කරන්න බැහැ.. ඔයා වෙනුවෙන්ම කැපවුන මගේ අසරණ හිතට තවත් ඒ දුක හංගගෙන ඉන්නනම් බැරි වෙයි. අපි කොච්චර සතුටින් ඉන්න අපේ අනාගතේ සැලසුම් කරලා තිබ්බත් ඔය ඒ අනාගතේ ගැන අපි මවපු හීන මාලිගා සේරම සුන් කරලා යන්න ගියා. මට මෙච්චර වේදනාවක් ඔයා කොහොමද අයිති කරේ...... ඇයි මට එහෙම කරේ......


                        නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පනත් ආගෙන ඔයා
                   සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජිවිතේ පවතින තුරා
                   මම විඳින දුක වෙන කෙනෙකු වෙත යලිදු කිසිදා දෙනු එපා
                   සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා
                   දිනෙක ආයෙත් ලං වෙලා නාවත් මා සොයා
                   හැමදාමත් පෙම් කළා මාගේ සිත් පුරා

                   රණ්ඩු කරගෙන යාළු වෙන්නට හිටියේ මට ඔබ විතරමයි
                   වෙනව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි
                   ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි
                   තිස්සෙම කඳුළැල් දෑසේ රැඳුනේ ඉන්න බැරි තැනමයි
                   දිනෙක ආයෙත් ලං වෙලා නාවත් මා සොයා
                   හැමදාමත් පෙම් කළා මාගේ සිත් පුරා

                   ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි
                   හංගගෙන තව ඉන්න බෑ මට ඔබට ගැති සිත අසරණයි
                   කොච්චර සතුටින් ඉන්න තිබුනත් ඉන්න බැරි ඔබටයි
                   මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි
   
                   නිදුකින් ඉනු මැන......