Pages

Subscribe:

Labels

Saturday, June 21, 2014

Mage wela Langa Unnu Oya-Shihan Mihiranga

මගේ වෙලා ළඟ උන්නු ඔයා

මගේ ජීවිතේම වෙලා මගේ ලගින් හිටපු ඔයා මටත් නොකියම මගෙන් ඈතට ගිහිල්ල. ඔයා මාව දාල වෙන කෙනෙක්ගේ ජිවිතේ කොටසක් වෙලා. දවස් ගණන් නිදි නැතුව මගේ හිත විලාප තිය තිය අඬපු තරම් ඔය කවදාවත් දන්නේ නෑ. ඒ ඔයාට තාමත් මගේ පනටත් වඩා මම අදරේ කරන නිසා. ගෙවෙන හැම මොහොතකම මට ඔයාව මතක් වෙන්නේ මගේ හුස්ම වල පවා ඔයා ඉන්න නිසා. මගේ හිත තාමත් මට කියන්නේ ඔයා මැව්වේ මට විතරමයි කියලා.

හිතේ මවපු හීන සේරම පොඩි කරලා දාලා ඔයා මගෙන් ඈත් වෙලා ගියාට මම ඔය ගැන එක මොහොතකටවත් තරහක් ඇති කරගන්නේ නෑ. ඒ ඔයා හැමදාකටම මගේ ජිවිතේ සනසවපු නිසා. අද මම පාලු ලෝකෙක තනි වෙලා. මගේ මුළු ජීවිතේම, මුළු හදවතම රිදුම් දෙනවා. ඒත් මම අදටත් එදා වගේමයි. මගේ මුළු ජීවිතේම ඔයාට විතරමයි. මම හැමදාමත් ඔයාට ආදරෙයි.

හදවතේ ගැඹුරුම තැන් වලින් පවා වේදනා විඳින, මුළු ජීවිතේම ඔයාගේ ආදරේ වෙනුවෙන් කැප කරපු මට විතරයි හැමදාමත් දුක උරුම උනේ. මගේ ජීවිතේට ලං වෙලා, මට බොරු කරලා මගේ හදවත රැවැට්ටුවා කියලා මම ඔයා ගැන කවදාවත් අහිතක් හිතන්න නෑ. හැබැයි මම එක දෙයක් හොඳට දන්නවා. ඒ මම මගේ මුළු ජීවිතේම ඔය වෙනුවෙන් කැපකරලා ඉවරයි කියන එක විතරයි.

        මගේ වෙලා ළඟ උන්නු ඔයා
        මටත් හොරෙන් වෙනකෙකුගේ වෙලා
        හිත හඬනවා තුන්යම නොනිදා
        මගේ පන තාමත් ඔයා නිසා

         හුස්මේ පවා ඉන්නේ ඔයා නිතරම මට සිහි වෙනවා
         මැව්වේ ඔයා මටම කියා හදවත තව පවසනවා

         සිතු පැතුමන් පොඩිකර දමලා යන්නට ගියාට ඈත් වෙලා
         හිතකින්ද මුළු ජිවිතේ මා ලඟම ඔබ සැනසුනේ
         පාළුවේ මා තනිවී ජිවිතේ රිදවනවා
        වෙනසක් නෑ මගේ ආදරේ ඔබේ නමටයි මුළු ජිවිතේ

         හද ගැඹුරේ වේදනා ඇති මට විතරක් දුක උරුම උනි
         බොරුවෙන්ද මගේ ජිවිතේ ලං ලංව ඔබ සැනසුනේ

         පාළුවේ මා තනිවී ජිවිතේ රිදවනවා
         වෙනසක් නෑ මගේ ආදරේ ඔබේ නමටයි මුළු ජිවිතේ

       මගේ වෙලා.....