ආදරෙයි මං ඔය හිතට තාමත්
ආදරේ නමින් මට හීන දීපු ඇස දෙකෙන් මගේ ඇස් වලට කඳුළු දීලා මගේ හිත පිරෙන්න තිබුන ආදරෙත් අරගෙන ඔයා මාව දාල ගියා... ඔයා ඒ දීපු දුක දැනිලා මම තනියම ඉන්න හැම වෙලාවකම මගේ ඇස් වලට කඳුළු උනන්නේ මටත් නොදැනීමයි....
ඒ ගලන කඳුළු බින්දු වල තියන වේදනාව ඔය දන්නේ නැද්ද කියල මගේ හිත හැම වෙලාවකම කෑගහලා මගෙන් අහනවා.. මම කොහොමද මේවට උත්තර දෙන්නේ? හැබැයි මම එක දෙයක් දන්නවා... ඒ වේදනාවෙන්ම මම කවද හරි මැරිලා ගියත් ඔයයි මමයි ගෙවපු ඒ සුන්දර අතීතය ගැන මතකය නම් කවදාවත් මගේ මතකෙන් අයින් වෙන්නේ නෑ... ඒක මට ස්ථිරයි.ඔයා නොදන්නවා උනාට තනිවුන මගේ ඇස් තාමත් අඬන්නේ ඔය මගේ ළඟ නැති නිසා, ඔයාව මට අයිති නැති නිසා.... ඔයා මව දාල ගියපු නිසා...
ආදරෙයි මං ඔය හිතට තාමත්
හීනෙකින්වත් ඔයා දැන් නාවත්
වෙන් වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයාමයි තාමත්
ආදරෙයි මං ඔය හිතට තාමත්
හීනෙකින්වත් ඔයා දැන් නාවත්
ආදරෙන් හීන මට ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කඳුළු දීලා
හිත පුරා රන්දුනු ආදරෙත් රැගෙන
ඔබ ගියා නේද වෙන් වෙලා
ඔබ දුන්න දුක දැනිලා දෑස හඬයි තනි වීලා
ආදරෙයි මං ඔය හිතට තාමත්.....
වේදනාවෙන්ම මියැදුනත් දිනෙක
මතකයෙන් යන්නේ නෑ ඔයා
නෙතු තේමා ගලන කඳුළු බිංදු වල
දුක දන්නේ නැත්තේ ඇයි ඔයා
ඔබ ලඟින් නැති හින්දා දෑස හඬයි තනි වීලා
ආදරෙයි මං ඔය හිතට තාමත්.....