ඔයා එක්ක දුරක් යන්න
ඔයාට මතකද අපි කොච්චර ආදරෙන් හිටියද කියලා. ඒ ගෙවපු සුන්දර කාලේ මට තාමත් මතක් වෙනවා. ඒ මතක් වෙන හැම වෙලාවකම මම හිතින් ඒ අතීතෙට
යනවා... මම තාමත් ඒ අතීතෙට හරි ආදරෙයි. ඒ දවස් වල මම දැකපු එකම එක හීනයක් තිබ්බ. ඒ ඔයත් එක්ක හැමදාටම සතුටින් ජිවත් වෙන්න. ඔයත් කිව්වේ මොන බාධක
ආවත් අපි හැමදාමත් සතුටින් ජිවත් වෙමු කියල.. එන හැම දුකක්ම දෙන්නත් එක්ක එකට විඳිමු කියලා. ඒත් මට තාමත් හිතා ගන්න බැරි ඔයාට මෙච්චර ආදරේ කරපු මට ඔයා
මෙච්චර දුකක් දෙන්නේ කොහොමද කියලා...
මට දැන් දැනෙනවා... ආදරය හිමි වීම මට අයිති නැතුව ඇති... හැමදාමත් මට උරුම දුකම විතරක් වෙන්න ඇති... මගේ ආදරය අඳුරගන්න ඔයාට බැරි උන නිසා
ඔයා මව දාල ගියාද කියලත් මට වෙලාවකට හිතෙනවා. එක නිසා වෙන්න ඇති ඔයා මව දාල මට ලං වෙන්න බැරි තරම් ඈතට යන්න ඇත්තේ.....
මම තනියෙන් ගෙවන හැම රෑකම අපි ඒ ගෙවපු සුන්දර මතක මගේ ඇස් වලින් රූරා වැටෙනවා. ඔයා දැන් කොහේ හිටියත් අපි දැන් එක්කෙනෙක් නෙමෙයි
දෙන්නෙක් කියලා හිතෙන හැම වෙලාවකම මට දරා ගන්න බැරි ලොකු දුකක් ඇති වෙනවා... ඒ දේවල් කොහොම උනත්, තාමත්.... හැමදාමත්... මගේ හිතේ ඔයාට තියන ආදරේ
කවදාවත් වෙනස් වෙන්නේ නැහැ... ඉස්සර වගේම හැමදාමත් ඔයා මගේ හිතේ ඉන්නවා....
ඔයා එක්ක දුරක් යන්න හිනා දැක්ක මෙමා
මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුඟක් පසුතැවෙමි මා
සෙනෙහෙ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා.....
ආදරයෙන් හිමි වීම මට හිමි නැතුව ඇති
අහිමි වෙලා දුක්වීම ඉරණම වෙන්න ඇති
මගේ ආදරය හඳුනන්න ඔය හිතට බැරි වෙන්නැති
ඒ හින්දා වෙන්වෙන්නැති ඔබ මාව හැර යන්නැති
තනිවුන මගේ හැම රෑක දෙනෙත් තෙමි අපේ මතක
අපි දැන් දෙන්නෙක් නේද ඔබේ සෙනෙහෙ අද කොහෙද
මගේ ජිවිතයේ හැමදාම හිතගාව ඔබ ඉන්නවා
වෙනසක් නොවී පෙර ලෙසින් හැමදාම හරි ආදරෙන්
ඔයා එක්ක දුරක් යන්න හිනා දැක්ක මෙමා
මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුඟක් පසුතැවෙමි මා
සෙනෙහෙ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා.....
ආදරයෙන් හිමි වීම මට හිමි නැතුව ඇති
අහිමි වෙලා දුක්වීම ඉරණම වෙන්න ඇති
මගේ ආදරය හඳුනන්න ඔය හිතට බැරි වෙන්නැති
ඒ හින්දා වෙන්වෙන්නැති ඔබ මාව හැර යන්නැති
තනිවුන මගේ හැම රෑක දෙනෙත් තෙමි අපේ මතක
අපි දැන් දෙන්නෙක් නේද ඔබේ සෙනෙහෙ අද කොහෙද
මගේ ජිවිතයේ හැමදාම හිතගාව ඔබ ඉන්නවා
වෙනසක් නොවී පෙර ලෙසින් හැමදාම හරි ආදරෙන්