Pages

Subscribe:

Labels

Sunday, June 8, 2014

කබරගොයා දියබරියෙක් උනාලු

අද මම ඔන්න සිරාම කතාවක් කියන්න යන්නේ. මේක අපි හැමෝම පැංචා season එකේ කියල තියන කවියක්. හැබැයි මට මේ ලඟදි මේකේ පොඩි අවුල් තැනක් සෙට් උන.. උඹල දන්නවා ඇතිනේ අර වතුර ගෙන්න ලිඳට ගියපු ටිකිරිගේ කතාව.... දන්නේ නැද්ද බං... හරි හරි... මම ඉස්සෙල්ල එක මතාක් කොරල ඉන්නම්කො එහෙනම්....

        ටිකිරි ටිකිරි ටිකිරි ලියා
        කලෙත් අරන් ලිඳට ගියා
        ලිඳ වට කර කබරගොයා
        කකුල කාපි දියබරියා.....

දැන් උඹල බලනවා ඇති මචං මේකේ මොකද්ද තියන අවුල කියල.... තියනවා... ඒ උනාට ඒ අවුල සෙට් වෙලා shape වෙලා යනවා.ඔන්න බලාපල්ලකෝ.... ටිකිරි ලියා ලිඳට එද්දී ලිඳ වටේ හිටියේ කබරගොයෙක්... ඒ උනාට ඊකිගේ කකුල කෑවේ දිය බැරික්.. හද්දම අවුල බං එතන.. මම ඉතින් ඔය අවුල ලිහා ගන්න හෙන ගේමක් දුන්න.. හතර වටේම යාලුවොන්ගෙන් ඇහුවා... ඔන්න ඉතින් මම ඒ එකතු කරගත්ත එවයි මට හිතිච්ච එවයි එකතු කොරල හීනියට අවුල ලිහා ගත්තා... ඒ මෙන්න මේ විදියට......

ඔන්න ඉතින් දැන් ටිකිරි ලියා ලිඳට එනවලු.. ටිකිරි ලියා ඉතින් කෙල්ලෙක්නේ බං. දාන්න පුළුවන් සේරම කැටයම් ටික දාලා උලාගන්න තියන හැම එකම මුණේ උලාගෙන ලතා වෝක් එකෙන් ලිඳ ගාවට එනවලු. පොඩ්ඩක් හිතපන්.... කබරගොයා උනත් දියබරිය උනත් දෙන්නම පුරුෂ, ඒ කියන්නේ පිරිමි, එහෙමත් නැතුව සිංහලෙන්ම කියනවනම් කොල්ලොනේ බං... කොහොම කොහොම හරි ටිකිරි ලියා සිනා පපා ලිඳ ලඟට එනවා දැකපු කබරගොයාගේ ලල් කෙලින් උනාලු.. පැන්නලු ටිකිරි ලියාගෙ ඇඟට... මෙන්න බොලේ ටිකිරි ලියා දැම්මලු
හුරතල් හිනාවක්... හුරතල් ගොඩයි තල් මල් දෙකයි කිව්වලු.... පිම්මේ මගදී කබරගොයා මැද හරියෙදී දියබරියෙක් උනාලු... ඔන්න ඕකලු සිරාම ස්ටෝරිය....

මට නම් ඕකෙන් හිතෙන්නේ මෙච්චරයි... කෙල්ලෙක් පොඩි හුරතලයක් දාපු ගමන් කොල්ලන්ගේ සෙල්ලම් ලෙල්ලම් වෙනවා නිකන් කබරගොයා දියබරියෙක් උනා වගේ... අන්න ඒක කෙල්ලෝ දන්නා නිසා සුරතල් සිනාවක් දසන් මුව රඳවාලා... කොල්ලොන්ගේ හක්කෙම දතේ ඉඳන් ගලවන්න පටන් ගන්නවා... හැමෝම නෙමෙයි... සමහර කෙල්ලෝ... ඔන්න ඕකයි ඇත්තම තත්ත්වේ කොල්ලනේ... අපි දන්නේ ගෑණු මායම් 64 උනාට උන්ට මායම් 128 කටත් වැඩිය තියනවලු... පරිස්සමෙන් හොඳේ........