Pages

Subscribe:

Labels

Wednesday, June 18, 2014

පොලිසිය


අද අපි කියන්න යන්නේ එදිනෙදා පාරෙතොටේ යනකොට බොහොම වැදගත් වෙන දේවල් ටිකක්. රියදුරන්ට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ. පාරේ වහනෙකින් යනකොට රථවාහන පොලිසිය, අපේ භාෂාවෙන් "කොස්සෝ" වාහනේ නවත්තුවම, අපි වැරද්දක් කලේ නැත්තන් එකට මුහුණ දෙන්නේ කොහොමද කියල මේ ලිපියෙන් කියල තියනවා.කොහොමත් රටේ රථවාහන පොලිසිය ගැන දැනුවත්ව ඉන්න එක අපිට කොහොමත් වැදගත් වෙනවා.

01)  අපි පාරේ වහනෙකින් යනකොට තනි පොලිස් නිලධාරියෙක් අපිව නවත්තන්න හැදුවොත් අපේ වාහනේ නවත්තන්නේ නැතුව යන්න අපිට අයිතිය තියනවා. තනි නිලධාරියෙක්ට වහනයක් නවත්තන්න නීතියෙන් තහනම්....

02) තනි නිලධාරියෙක්ට අපේ රියදුරු බලපත්‍රය තියාගන්නත් නීතියෙන් තහනම්....

03) අපි වාහනයකින් යද්දී අපේ ID card එක, එහෙමත් නැත්තන් ජාතික හැඳුනුම්පත එරුනම වෙනත් කිසිම ලියවිල්ලක් ඉල්ලන්න පුළුවන්කම තියෙන්නේ රථවාහන පාලක පොලිසියේ(traffic police) නිලධාරියෙක්ට විතරයි. ඒ හැර ඕනෑම අවස්ථාවක ඔබට ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.

04)රථවාහන පොලිසියේ තනි නිලධාරියෙක්ට කවදාවත් ඔබට දඩ කොලයක් නියම කිරීමට හෝ චෝදනාවක් එල්ල කරන්න බැහැ. ඔහුට අනිවාර්යෙන් සාක්ෂිකරුවෙක් ඉන්න ඕන.එක නිසාම තමයි පාරේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඉන්නේ..

05) රථවාහන පොලිසියේ තනි නිලධාරී මහත්වරුන් ඔබට බීමතින් රිය     පැදවීමේ චෝදනාවක්

එල්ල කරනවා නම් ඔබට බැලුන් පරික්ෂාව(Balloon Test) ඉල්ලා සිටීමට අයිතිය තියනවා. එම අවස්ථාවේ ඔවුන් සතුව බැලුන් නැත්තන් ඔබට යන්නටත් අයිතිය තියනවා.

06) පාරේ ගමන් ගන්න වහනයක් නැවත්වීමට අයිතියක් තියෙන්නේ රථවාහන පාලක පොලිසියේ නිලධාරියෙක්ට විතරයි. එක නිසා තමයි හමුදා මුරපොළවල් වල  රථවාහන පාලක පොලිසියේ නිලධාරියෙක් රාජකාරියේ යොදවලා තියෙන්නේ...

07) ඔබ කරපු වැරැද්දේ ස්වභාවයයි දණ්ඩ නීති සංග්‍රහයට අනුව නිතිය උල්ලංගනය උනේ කොහොමද කියලයි ඔබව දැනුවත් කරනකම් රථවාහන පාලක පොලිසියේ නිලධාරියෙක්ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගන්න බැහැ. එහෙම  කරුණු දැක්වීමක් කරන්න ඒ පොලිස් නිලධාරීන් අසමත් වෙනවා නම් විරිද්ධත්වය දක්වන්න ඔබට අයිතිය තියනවා.

08) තනි පොලිස් නිලධාරියෙක් ඔබේ රියදුරු බලපත්‍රය ළඟ තියාගෙන එය රැගෙන යාමට පොලිස් ස්ථානයට එන්න කියල කිව්වොත් එහෙම යන්නේ නැතුව පොලිස්  අදිකාරිතුමාට හරි ඒ ප්‍රදේශයට  ආදාල නියෝජ්‍ය පොලිස්පති තුමාට හරි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ඔබට හැකියාව තියනවා.එතකොට ඒ පොලිස් නිලධාරියාව දුරාචාරයේ සහ නොහික්මුණු හැසිරීම යන වරද මත ඉඳගෙන සේවයෙන් පහ කිරීමේ හැකියාව තියනවා.

09) අධික වේගයෙන් රිය පැදවීම මත පදනම්ව ඔබට දඩ ගහන්න හරි නඩු දාන්න හරි හදනවා නම් ඊට කලින්  වාහනයේ වේගය මැනපු මීටරයේ තමන්ගේ වේගය සටහන් වෙලා තියෙන්නේ කොහොමද කියල පෙන්නන්න කියල ඉල්ලීමක් කරන්න ඔබට අයිතියක් තියනවා. මේකෙට හේතුව වගේම මේ වේග මීටරය භාවිත කරන්න ඕන නිවැරදිම ක්‍රමය  පහලින් දක්වන්නම්......

10) ඔබ වරදක් කරලා ඔබට දඩ කොලයක් ලියනවා නම් ඒ දඩ කොලේ ලියන පොලිස් නිලදරියට ඒ දඩ කොලය අත්සන් කරන්න බැහැ. ඔහුත් එක්ක සහයට ඉන්න නිලධාරියා තමයි ඒ දඩ කොලයට අත්සන යොදන්න ඕන. එහෙම නොවෙන අවස්ථා වලදී දඩ කොලය ප්‍රතික්ෂේප කරන්න ඔබට අයිතියක් තියනවා....

                 ඔන්න ඕවා තමයි ඉතින් අපි පොදුවේ දැනගන්න ඕන. මිට අමතරව ධාවනය වෙමින් පවතින වාහන වල වේගය මනින්න හඳුන්වලා දීපු මීටරය භාවිත කරද්දී රථවාහන පොලිස් නිලධාරීන් කරන වැරදි කිහිපයක් තියනවා. ඒ ගැනත් අපි ඔයාලට කියලා දෙන්නම්.....




01) පොලිස් නිලධාරීන් දෙන්නෙක් එතන ඉන්න ඕන. එක නිලධාරියෙක් උපකරණය හසුරවන්න ඕන. අනිත් නිලධාරියා වේගය සටහන් කරගෙන අත්සනක් යොදල ඒක තමන් සටහන් කරගත්ත කියල තහවුරු කරන්න ඕන...

02) උපකරණය වහනයට ලම්භකව, එහෙමත් නැත්තන් පාරට සමාන්තරව එල්ල කරන්න ඕන.. මේ උපකරණයේ භාවිත වෙන තාක්ෂණයත් එක්ක එහෙම නොකලොත් උපකරණයෙන් වැරදි වේගයක් සටහන් වෙනවා.

03) උපකරණය වාහනයට එල්ල කරන්න තත්පර 2කට 3කට පෙර ඉඳන් නිලධාරියා නිශ්චාලාව ඉන්න ඕන. ඒ කියන්නේ කොහේ හරි ඉඳන් දුවගෙන ඇවිල්ලා මේ උපකරණය ක්‍රියාත්මක කලත් ඒ ලැබෙන්නෙත් වැරදි අගයක්....

04) වැදගත්ම දේ තමයි උපකරණය වාහනයට එල්ල කරන අවස්ථාවේදී රියදුරාට හොඳින් පෙන තැනක පොලිස් නිලධාරියා ඉන්න ඕන. මෙන්න මේ දෙ නම් පොලිස් නිලධාරීන් අතින් වෙනවා මම දැකලම නෑ. ගොඩක් වෙලාවට වෙන්නේ තව වාහනයකට හරි ගහකට හරි මුව වෙලා ඉඳල උපකරණය ක්‍රියාත්මක කරවන එක.. එක සම්පුර්ණයෙන්ම වැරදියි...

05) අපි ඉහලින්ම සඳහන් කළා අධික වේගයෙන් රිය පැදවීමේ වරදට ඔබට චෝදනා කරනවා නම් උපකරණයේ වේගය බලන්න ඉල්ලීමක් කරන්න කියල.. බොහොමයක් අවස්ථා වලදී පොලිස් නිලධාරීන් සතුව තියන උපකරණ අක්‍රිය තත්තවයේ, එහෙමත් නැත්තන් අබලන් තත්ත්වයේ පවතිනවා. එහෙම වෙලාවට ඔවුන් කරන්නේ වේගය අනුමාන කරලා රියැදුරාව වරදට හසු කරගැනීම....  ඒ වගේම තමයි මේ උපකරණ වල ±5% කියල සඳහන් වෙලා තියනවා. ඒකෙන් කියවෙන්නේ මේ උපකරණයෙන් කියවෙන වේගයෙන් 5%ක ප්‍රමාණයක් අඩු හෝ වැඩි වෙන්න පුළුවන් කියන එක..... ඒ ගැනත් අපි පොඩ්ඩක් සලකිලමත් වෙන්න ඕන.....

                     
               ඒ මොනවා උනත් ඉතින් අපි හරියට පාරේ යනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම අද මේ ඔයාලට ලියපු ලිපිය මොකක් හරි අවස්ථාවකදී ඔයාලට ප්‍රයෝජනවත් වෙයි.