Pages

Subscribe:

Labels

Saturday, June 28, 2014

Iki gasa handana- Samanala Sandwaniya

අපි යාලු වෙලා හිටපු කාලේ හිනාවෙලා හිටපු දවස් වලට වැඩ තිබුනේ අඬපු දවස්.. හැමදාම වගේ ඇස් වල කඳුළු පිරිලා තිබුනා. මම දන්නේ නෑ එකට හේතුව මොකද්ද කියලා.එත් ඒක එහෙම උනා. යාලුවෝ කිව්වේ මොකද්ද බං හැමදාම අඬන්නේ, ඔය මගුල නවත්තල දාපන් කියලා.එත්... මම හැමදාමත් හිතුවේ මම කොහොමද ඔයාව අමතක කරලා ඉන්නේ කියලා. අතීතය, වර්තමානය.... හැමදාකම මගේ ඇස්වල තිබුනේ කඳුළු විතරයි.... හැමදාමත්.... අපේ ආදරේ හැමදාමත් ගනුදෙනු කරේ කඳුළුත් එක්ක..

මගේ හීන වල හැමදාමත් හිටියේ ඔයා. එත් ගොඩක් දවස් වලට මම දැක්කේ නරක නපුරු හීන විතරයි. මහා රෑ මැද මම ඇහැරලා හීනෙන් වගේ හෙව්වේ ඔයාව...  අදටත් මම හොයනේ ඔයාව. එත්.......... මම අද මට අයිති නැති මගේ ආදරෙත් එක්ක තනි වෙලා. අදටත් ඔය මතක් වෙනකොට නින්දක් නැතුව මම පැය ගණන් රෑට ඇහැරන් ඉන්නවා.... මගේ හදවත් හැමදාමත් රිදුම් දෙනවා....

අද මගේ හිතේ තියෙන්නේ කවදාවත් හොන්දකරන්න බැරි වේදනාවක්. කාටවත් හොඳ කරන්න බැරි වෙයි. හැමදාමත් මගේ හිතේ තනිකම මකන්න මගේ ළඟ හිටියේ සුසුම් විතරයි.උහුලන්න බැරි හැම වෙලාවකම මගේ ඇස් වලින් කඳුළු වැටෙන්නේ මටත් නොදැනීමයි. මම දන්නේ එකම එක දෙයයි....
         මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා....


           ඉකි ගසා හඬන අතීතයක
           කඳුළු එක්ක ගනුදෙනු කරනා
           මට මගේ නොවන
           මගේම ආදරයක් තිබුනා...

           හීනෙන් හිනැහී තුන්යම මා දවනා
           මැදියම් මහා රෑ අදටත් හිත ඉගිලෙනවා
           නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා
           මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
           මගේම ආදරයක් තිබුනා...

           රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
           සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
           උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා
           මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
           මගේම ආදරයක් තිබුනා...